Let's begin Reuse.

Learning & Training
Galle
Showing 1 - 6 exchanges of 6 exchanges
Adaraneeya Victoria - ආදරණිය වික්ටෝරියා

Adaraneeya Victoria - ආදරණිය වික්ටෝරියා

1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව 'ආදරණීය වික්ටෝරියා' නවකතාවට පසුබිම් වෙයි. රුසියානු ලේඛක ලියෝ තෝල්ස්තෝයි ආගම්වාදියෙකු සහ දේවවාදියෙකු යැයි ගැරහුමට ලක්වන විට ලෙනින් පැවසුවේ ‘ඔහු රුසියාවේ කැඩපත‘ යන්න ය. ඒ, අදාළ සමාජ, ආර්ථික, දේශපාලනික සහ ආගමික වාස්තවිකත්වය නිසි අයුරින් ග්‍රහණය කර ගැනීමට තෝල්ස්තෝයි සමත්ව තිබූ බැවිනි. එහෙත් අපේ ලේඛක ලේඛිකාවන්ගෙන් කීයෙන් කී දෙනෙක් මේ අදාළ සමාජීය කරුණු කාරණා නිසියාකාරයෙන් වටහාගෙන තිබේ ද? වටහා ගත්තද එය සිය නිර්මාණ සඳහා උපස්ථම්භක කොට ගෙන තිබේද? මොහාන්ගේ ‘ආදරණීය වික්ටෝරියා‘ එබඳු උත්සාහයක ප්‍රතිඵලයකි.
Written Books & Textbooks
0
Galle
Rs : 1,600
Ammapayi Man Kaduwa Dunna - අම්මපයි මං කඩුව දුන්නා

Ammapayi Man Kaduwa Dunna - අම්මපයි මං කඩුව දුන්නා

සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට සයුර මැද මාලිගා කටු කැඩුණු නැවකට ප්‍රේමයකි, ප්‍රදීපාගාරයක එළි වැට
Written Books & Textbooks
0
Galle
Rs : 550
වස්සාන සිහිනය

වස්සාන සිහිනය

වස්සාන සිහිනය - Wassana Sihinaya By: උපුල් ශාන්ත සන්නස්ගල - Upul Shantha Sannasgala ප්‍රේමයේ නිදහස හෙවත් ස්වයන්වරයට එරෙහිව පවතින ආර්ථික කොන්දේසි ප්‍රශ්න කිරීමක් මෙන්ම ප්‍රේමයෙන් අතුරා වීම උදෙසා මිනිසා තුල වන මානවීය ලාලසාව මුර්තිමත් කිරීමක්ද 'වස්සාන සිහිනය 'තුල දැකිය හැකිය..
Written Books & Textbooks
0
Galle
Rs : 1,200
දෙවෙනි ගැහැණිය

දෙවෙනි ගැහැණිය

"මම යනවා." ඇගේ සැමියා කීවේය. මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි. ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි. තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය. අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය. මේ, ඒ කතාවයි...
Written Books & Textbooks
0
Galle
Rs : 1,500
ලැවෙන්ඩර්

ලැවෙන්ඩර්

පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්… කැලෑ මල් සුවඳ, වැනිලා ගොඩක් දාලා හොදින් කලතාපු කැපුචිනෝ කෝපි කෝප්පයක සුවඳ,දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරීන් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවැන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිදු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කේක් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ,, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයෝන් කූරු ඇඟිලි අස්සෙ තැවරුණාම හමන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩු වලින් සෝදාපු ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම මේ මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩක් ගැන කතාවක්..
Written Books & Textbooks
0
Galle
Rs : 750
Pirimi Godai Man Witharai - පිරිමි ගොඩයි මං විතරයි

Pirimi Godai Man Witharai - පිරිමි ගොඩයි මං විතරයි

"හලාවත මාළු කරූ ටෙලි නාට්‍යයක් කළා, සංඝමිත්තාවගේ ලංකාගමනය ගැන. මං ඒකෙ අග්‍ර උපාසිකාවගේ චරිතයට රඟපෑවා. මාළු කරූගේ දඩයක්කාර යාළුවෝ ඔක්කොම අනුරාධපුරේ ආවා. පසුගිය සතියේ ම හිටියේ අන්රාධපුරේ. උන් ඔක්කොම වල් ඌරු මස් විකුණන, මාරවිල හරක් මස් කඩ දාගත්තු, හලාවත ඉස්සො කොටු තියෙන, බෝලවත්තෙ කසිප්පු පෙරන, පැජරෝ ජීප් තියන, පිළී ගඳ ගහන, කට ගඳ, බඩ තඩි කළු පාට මුදලාලිලා ටිකක්. ලබන අවුරුද්දේ කඨින පින්කමට කට්ටිය ම බරණැස යනවා. මටත් එන්නලු යන්න. දවාලට සිල් ගන්න පුළුවන්. හැබැයි රෑට සිල් පවාරණය වෙන්න ඕන. ලොකු හාමුදුරුවන් එනවා අධීක්ෂණයට. මට අග්‍ර උපාසිකාවගේ චරිතයට ගෙව්වෙ රුපියල් දෙදාහයි. සිල් පවාරණවාට ලක්ෂ දෙකක් විතර ගෙව්වා. . . ."
Written Books & Textbooks
0
Galle
Rs : 1,200