Showing 1 - 10 exchanges of 19 exchanges
![Adaraneeya Victoria - ආදරණිය වික්ටෝරියා](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_12592.jpg)
Adaraneeya Victoria - ආදරණිය වික්ටෝරියා
1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව 'ආදරණීය වික්ටෝරියා' නවකතාවට පසුබිම් වෙයි.
රුසියානු ලේඛක ලියෝ තෝල්ස්තෝයි ආගම්වාදියෙකු සහ දේවවාදියෙකු යැයි ගැරහුමට ලක්වන විට ලෙනින් පැවසුවේ ‘ඔහු රුසියාවේ කැඩපත‘ යන්න ය. ඒ, අදාළ සමාජ, ආර්ථික, දේශපාලනික සහ ආගමික වාස්තවිකත්වය නිසි අයුරින් ග්‍රහණය කර ගැනීමට තෝල්ස්තෝයි සමත්ව තිබූ බැවිනි. එහෙත් අපේ ලේඛක ලේඛිකාවන්ගෙන් කීයෙන් කී දෙනෙක් මේ අදාළ සමාජීය කරුණු කාරණා නිසියාකාරයෙන් වටහාගෙන තිබේ ද? වටහා ගත්තද එය සිය නිර්මාණ සඳහා උපස්ථම්භක කොට ගෙන තිබේද? මොහාන්ගේ ‘ආදරණීය වික්ටෝරියා‘ එබඳු උත්සාහයක ප්‍රතිඵලයකි.
Written Books & Textbooks
Galle
Rs : 1,600
![Ammapayi Man Kaduwa Dunna - අම්මපයි මං කඩුව දුන්නා](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_12590.jpg)
Ammapayi Man Kaduwa Dunna - අම්මපයි මං කඩුව දුන්නා
සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට
මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට
සයුර මැද මාලිගා කටු කැඩුණු නැවකට
ප්‍රේමයකි, ප්‍රදීපාගාරයක එළි වැට
Written Books & Textbooks
Galle
Rs : 550
![වස්සාන සිහිනය](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_12588.jpg)
වස්සාන සිහිනය
වස්සාන සිහිනය - Wassana Sihinaya
By: උපුල් ශාන්ත සන්නස්ගල - Upul Shantha Sannasgala
ප්‍රේමයේ නිදහස හෙවත්
ස්වයන්වරයට එරෙහිව
පවතින ආර්ථික කොන්දේසි
ප්‍රශ්න කිරීමක් මෙන්ම
ප්‍රේමයෙන් අතුරා වීම උදෙසා
මිනිසා තුල වන
මානවීය ලාලසාව මුර්තිමත් කිරීමක්ද
'වස්සාන සිහිනය 'තුල දැකිය හැකිය..
Written Books & Textbooks
Galle
Rs : 1,200
![දෙවෙනි ගැහැණිය](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_12586.jpg)
දෙවෙනි ගැහැණිය
"මම යනවා." ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි...
Written Books & Textbooks
Galle
Rs : 1,500
![Cut Papers](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_14695.jpg)
![ලැවෙන්ඩර්](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_12594.jpg)
ලැවෙන්ඩර්
පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…
කැලෑ මල් සුවඳ, වැනිලා ගොඩක් දාලා හොදින් කලතාපු කැපුචිනෝ කෝපි කෝප්පයක සුවඳ,දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරීන් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවැන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිදු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කේක් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ,, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයෝන් කූරු ඇඟිලි අස්සෙ තැවරුණාම හමන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩු වලින් සෝදාපු ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම මේ මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩක් ගැන කතාවක්..
Written Books & Textbooks
Galle
Rs : 750
![Pirimi Godai Man Witharai - පිරිමි ගොඩයි මං විතරයි](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_12600.jpg)
Pirimi Godai Man Witharai - පිරිමි ගොඩයි මං විතරයි
"හලාවත මාළු කරූ ටෙලි නාට්‍යයක් කළා, සංඝමිත්තාවගේ ලංකාගමනය ගැන. මං ඒකෙ අග්‍ර උපාසිකාවගේ චරිතයට රඟපෑවා. මාළු කරූගේ දඩයක්කාර යාළුවෝ ඔක්කොම අනුරාධපුරේ ආවා. පසුගිය සතියේ ම හිටියේ අන්රාධපුරේ. උන් ඔක්කොම වල් ඌරු මස් විකුණන, මාරවිල හරක් මස් කඩ දාගත්තු, හලාවත ඉස්සො කොටු තියෙන, බෝලවත්තෙ කසිප්පු පෙරන, පැජරෝ ජීප් තියන, පිළී ගඳ ගහන, කට ගඳ, බඩ තඩි කළු පාට මුදලාලිලා ටිකක්. ලබන අවුරුද්දේ කඨින පින්කමට කට්ටිය ම බරණැස යනවා. මටත් එන්නලු යන්න. දවාලට සිල් ගන්න පුළුවන්. හැබැයි රෑට සිල් පවාරණය වෙන්න ඕන. ලොකු හාමුදුරුවන් එනවා අධීක්ෂණයට. මට අග්‍ර උපාසිකාවගේ චරිතයට ගෙව්වෙ රුපියල් දෙදාහයි. සිල් පවාරණවාට ලක්ෂ දෙකක් විතර ගෙව්වා. . . ."
Written Books & Textbooks
Galle
Rs : 1,200
![Journal pack](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_11460.jpg)
![Used Books (English)](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_988.jpg)
Used Books (English)
💗💗💗It is your time...!!!!
💗💗💗Valuable book to your kids' library......💐💐
👏👏Cheapest Price
👍👍 Excellent condition 📖📖📖
Island wide delivery and COD available
📩Inbox or WhatsApp to +94777665238
#boardbooksforkids #lifttheflapbook #peppapigbooks #pictureboardbook #soundbooks #nurseryrhymesforkids #prelovedbooks #usedboardbooks #firstwordbooks #usedboardbooks #prelovedkidsbook #pictureboardbook #boardbooksforkids #nurseryrhymesforkids #prelovedbooks #peppapigbooks #soundbooks #lifttheflapbook
Written Books & Textbooks
Any / All
Rs : 1,000
![Used books for sale (English)](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_985.jpg)
Used books for sale (English)
Unused books for sale! Prices Negotiable
Kim 750/-
Little Women 1050/-
David Copperfield 800/-
A Tale of Two Cities 1150/-
Black Beauty 1400/-
The Pickwick Papers 1500/-
Emma 1150/-
Peter Pan 2700/-
Kidnapped 1800/-
A Little Princess 1500/-
The Further Adventures of Robinson Crusoe 1150/-
Around the World in Eighty Eight Days 1500/-
The Adventures of Peter Pan 2700/-
Jane Eyre 1500/-
Tales from Shakespeare 1500/-
Silas Marner 1150/-
Oliver Twist 1500/-
Gulliver's Travels 1400/-
The Story of Anne Frank 1000/-
Hard Times 1150/-
WhatsApp: +94717900667
Written Books & Textbooks
Any / All
Rs : 1,500