Showing 1 - 3 exchanges of 3 exchanges
Web site development (Help) 🤝
වෙබ් අඩවියක් හදනවාද? නැත්නම් වෙබ් අඩවියක් "කනවාද"?
(බාගෙට වැඩ දන්නා අයට සහ හුරතලේට වෙබ් හදන අයට රිදෙන්නම ඇත්ත කතාවක්!)
WordPress කියන්නේ ලෝකේ තියෙන ජනප්‍රියම CMS එක බව ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ WordPress කියන්නේ "Install කරා -> Plugin කෑලි ටිකක් ඇමිණුවා -> Client ට දුන්නා" කියන එක කියලා හිතාගෙන ඉන්න පිරිසක් මේ ක්ෂේත්‍රයේ බිහි වී සිටීමයි.
මේක කියවන ඔයා "Developer" කෙනෙක් නම්, පොඩ්ඩක් හිතට අත තියලා අහන්න, ඔයා ඇත්තටම කරන්නේ Development ද? නැත්නම් Next > Next > Install ගහලා Plugin ටිකක් ඔබන එකද කියලා.
අද කාලේ ඕනෑම කෙනෙක්ට යූටියුබ් වීඩියෝ දෙකක් බලලා "Web Design Agency" එකක් පටන් ගන්න පුළුවන් බව ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ, තාක්ෂණය ගැන මෙලෝ දැනුමක් නැතිව, අහිංසක මිනිස්සුන්ගේ ව්‍යාපාරික හීන එක්ක සෙල්ලම් කරන එකයි.
මේ කියන්නේ ඔයාලා කරන "මහා අපරාධ" ටික ගැනයි.🤌
වෙබ් අඩවියක් හදනවා කියලා ගොඩක් අය කරන්නේ අනාගතයේ ලෙඩ ගොඩක් හැදෙන "ඩිජිටල් ජරාවක්" නිර්මාණය කරන එකයි. ඇයි එහෙම කියන්නේ? මේ වැරදි ඔබත් කරනවාද කියලා බලන්න.
1. cPanel එකෙන් ලැබෙන "නොමිලේ පැකේජය"
cPanel එකට ගිහින් 'One Click Install' දුන්නම WordPress ඉන්ස්ටෝල් වෙනවා තමයි. හැබැයි ඒ එනකොටම එන Default Plugins සහ Themes ගොඩ ගැන හිතුවද? වෘත්තීය මට්ටමේ කෙනෙක් නම් මුලින්ම කරන්නේ Clean Installation එකක් කරන එක. එහෙම නැතුව ඒ කුණු ගොඩ උඩම වෙබ් එක හදන්න පටන් ගන්නවා කියන්නේ අත්තිවාරම දාන්නෙම වැරදියට.
2. අරමුණක් නැති අත්හදා බැලීම් (The Testing Ground)
සයිට් එක හදන්න පටන් ගන්න කලින් Plan එකක් තියෙන්න ඕනි. පාවිච්චි කරන Theme එක මොකක්ද? අත්‍යවශ්‍ය Plugins මොනවද? කියලා.
එහෙම නැතුව සමහර අය කරන්නේ, “මේ Theme එක ලස්සනයි ඒක දාලා බලමු, හරි යන්නේ නෑ ඒක මකලා අරක දාමු” වගේ වැඩ. තව සමහරු එක පොඩි වැඩේට Plugins 10ක් විතර දාලා බලනවා මොකක්ද හරියන්නේ කියලා.
හොඳට මතක තියාගන්න, ඔබ Plugin එකක් Install කරලා Active කරපු ගමන් එය Database එකේ තැනක් ගන්නවා. පස්සේ එය Deactivate කරලා Delete කලත්, ඒ Plugin එකෙන් Database එකට එකතු කරපු "කුණු" (Junk Data) මැකෙන්නේ නෑ.
ප්‍රතිඵලය? කාලයක් යනකොට Website එක ඉබි ගමනට වැටෙනවා (Slow), Database එක පිපිරෙන්න වගේ ඉදිමෙනවා (Bloat), අන්තිමට Critical Errors එන්න ගන්නවා.
3. "පොඩි වැඩේටත් Plugin එකක්"
වෙබ් එකේ පොඩි පාටක් වෙනස් කරගන්න ඕනිද? Plugin එකක් දානවා. ෆොන්ට් එකක් වෙනස් කරන්නද? තව Plugin එකක් දානවා.
ඇත්තටම දක්ෂ Developer කෙනෙක් නම් මේ සුළු දේවල් කරන්නේ Custom Code එකකින් හො තියෙන දේම පාවිච්චි කරලා. වැඩ 10ක් කරන්න Plugins 10ක් දාන කෙනා Developer කෙනෙක් නෙවෙයි, නිකන්ම "Plugin Installer" කෙනෙක් විතරයි.
4. Elementor සහ Config පිස්සුව
Elementor වගේ Page Builder එකක් පාවිච්චි කරනවා නම්, ඒකේ Global Settings, Fonts, Colors මුලින්ම හරියට Setup කරගන්න ඕනි. එහෙම නැතුව පිටුවෙන් පිටුවට පාට මාරු කරනවා කියන්නේ Amateur වැඩක්.
අනිත් කාරණය wp-config එක. Post Revisions වගේ දේවල් ලිමිට් කරන්න config එක Customize කරන්න ඕනි බව ගොඩක් අය දන්නෙවත් නෑ. මේවා නොකර දිගටම වැඩ කරාම වෙන්නේ Database එක අනවශ්‍ය Data වලින් පිරෙන එක.
5. Cache Plugins එක්ක සෙල්ලම් කිරීම
Speed එක වැඩි කරගන්න කියලා Cache plugins ජාති 5-6ක් දාලා බලන අය ඉන්නවා. මේකෙන් වෙන්නේ තියෙන Speed එකත් නැති වෙලා Database එක තවත් අවුල් වෙන එක විතරයි.
6. Security කියන්නේ Plugin එකක් නෙවෙයි!
ගොඩක් අය හිතන් ඉන්නේ Wordfence වගේ බර Plugin එකක් දාගත්තම Security හරි කියලා. මේ Plugins වලින් වෙබ් අඩවිය තවත් බර වෙන එක විතරයි වෙන්නේ. ඊට වඩා Code මට්ටමෙන් සහ Server මට්ටමෙන් Security හදාගන්න පුළුවන් ක්‍රම ඕනි තරම් තියෙනවා. ඒවා නොදන්නා අය කරන්නේ සයිට් එක Slow කරගෙන හරි Plugin එකක් දාගන්න එක.
7. Client ට දෙන Dashboard එක
වෙබ් එකක් Client ට භාර දෙනකොට, Dashboard එකට ගියාම Notifications 100ක් විතර පේන්න තියෙනවා නම්, හැමතැනම රතු පාටින් Errors පෙන්නනවා නම් ඒක වැඩක්ද? Professional Developer කෙනෙක් Client ට සයිට් එක දෙන්නේ බොහොම පිරිසිදු (Clean), පහසුවෙන් පාලනය කරන්න පුළුවන් Dashboard එකක් එක්ක.
❤🔥 අවසාන වශයෙන් Clients ලාට පොඩි පණිවිඩයක්:
රුපියල් දාහේ දෙදාහේ ලාභෙට වෙබ් අඩවි හදාගන්න ගිහින්, අන්තිමට ලක්ෂ ගාණක වටිනාකම තියෙන ඔබේ ව්‍යාපාරික නාමය (Brand) විනාශ කරගන්න එපා. වෙබ් අඩවියක් කියන්නේ Plugin ටිකක් එකතු කරන එක නෙවෙයි, ඊට වඩා ගැඹුරු තාක්ෂණික වගකීමක්!
News & Events
Kandy
Free Offer
Sumithrayo 🤝
ඔබත් මත්ද්‍රව්‍ය/ මධ්‍යසාර හෝ විවිධ හැසිරීම් වලට ගොදුරු වෙලාද? එයින් ගැලවෙන්න උත්සහ කරනවාද?
එන්න මැල් මෙදුරට. අපි ඔබට එයින් ගැලවීමට නොමිලේ උදව් කරන්නම්.
Are you Struggling with substance or
behaviour addictions?
Call us for help
It’s a Free service
071 430 7799, 011 269 4665
011 269 3460
#substance #addiction #addictionrecovery #recovery #addictionawareness #mentalhealthawareness #mentalhealth #mentalhealthmatters #health #healthylifestyle #colombo #gampaha #kalutara #kandy #sumithrayo #sumithrayodrugdemanreductionprogramme #melmedura #addictionrecoveryprogram
News & Events
Kandy
Free Offer
Sri lanka red cross society
𝐒𝐭𝐞𝐩 𝐈𝐧 & 𝐋𝐞𝐧𝐝 𝐚 𝐇𝐚𝐧𝐝!
Join the Sri Lanka Red Cross Society in an island-wide flood and landslide recovery clean-up drive.
The massive destruction has significantly impacted the environment and the lives of people across the country. We warmly invite communities, partners, and stakeholders to stand with us in restoring safety, dignity, and hope.
🧤 All you need is a pair of gloves, a garbage bag, and a heart to volunteer.
Let’s roll up our sleeves for the people and the nation.
📞 Interested in joining?
Please contact your nearest Sri Lanka Red Cross Society Branch.
(Contact numbers are attached below for your convenience.)
Sri Lanka Red Cross Society – Ampara Branch: +94 632222448/+94752289612
Sri Lanka Red Cross Society – Anuradhapura Branch: +94703788534
Sri Lanka Red Cross Society – Badulla Branch: +94 0552224496/+9470 222 8328
Sri Lanka Red Cross Society – Batticaloa Branch: +94 652224309/ +94772968218
Sri Lanka Red Cross Society – Colombo Branch: +94 912227238/ +94 70 3788566
Sri Lanka Red Cross Society – Galle Branch: +94 912227238/ +94711741151
Sri Lanka Red Cross Society – Gampaha Branch: +94 314933881/ +94776035893
Sri Lanka Red Cross Society – Jaffna Branch: +94 212222561/ +94 766675526
Sri Lanka Red Cross Society – Kalutara Branch: +94 342237161/ +94703338975
Sri Lanka Red Cross Society – Kandy Branch: +94 812222100/ +94 712016464
Sri Lanka Red Cross Society – Kurunegala Branch: +94372223144/ +94711228984
Sri Lanka Red Cross Society – Kegalle Branch: +94 352222314 / +94779187024
Sri Lanka Red Cross Society – Kilinochchi Branch: +94779198974
Sri Lanka Red Cross Society – Mannar Branch: +94778267621
Sri Lanka Red Cross Society – Matale Branch: +94662223528/ +94763510737
Sri Lanka Red Cross Society – Matara Branch: +94662223528/ +94714232212
Sri Lanka Red Cross Society – Monaragala Branch: +94552277345/ +94703653817
Sri Lanka Red Cross Society – Mullaitivu Branch: +94212290220/ +94715972443
Sri Lanka Red Cross Society – Nuwara Eliya Branch: +94522235018/ +94703664287
Sri Lanka Red Cross Society – Polonnaruwa Branch: +94272225745/ +94703788620
Sri Lanka Red Cross Society – Puttalam Branch: +94322222884/ +94703673414
Sri Lanka Red Cross Society – Ratnapura Branch: +94452228380/ +94703683436
Sri Lanka Red Cross Society – Trincomalee Branch: +94779333662
Sri Lanka Red Cross Society – Vavuniya Branch: +94242222447/ +94703694841
Donations & Give a Ways
Kandy
Free Offer
