Let's begin Reuse.

Web site development (Help) 🤝
  • Web site development (Help) 🤝

Web site development (Help) 🤝

0
Free Offer

වෙබ් අඩවියක් හදනවාද? නැත්නම් වෙබ් අඩවියක් "කනවාද"?

​(බාගෙට වැඩ දන්නා අයට සහ හුරතලේට වෙබ් හදන අයට රිදෙන්නම ඇත්ත කතාවක්!)

​WordPress කියන්නේ ලෝකේ තියෙන ජනප්‍රියම CMS එක බව ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ WordPress කියන්නේ "Install කරා -> Plugin කෑලි ටිකක් ඇමිණුවා -> Client ට දුන්නා" කියන එක කියලා හිතාගෙන ඉන්න පිරිසක් මේ ක්ෂේත්‍රයේ බිහි වී සිටීමයි.

​මේක කියවන ඔයා "Developer" කෙනෙක් නම්, පොඩ්ඩක් හිතට අත තියලා අහන්න, ඔයා ඇත්තටම කරන්නේ Development ද? නැත්නම් Next > Next > Install ගහලා Plugin ටිකක් ඔබන එකද කියලා.

​අද කාලේ ඕනෑම කෙනෙක්ට යූටියුබ් වීඩියෝ දෙකක් බලලා "Web Design Agency" එකක් පටන් ගන්න පුළුවන් බව ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ, තාක්ෂණය ගැන මෙලෝ දැනුමක් නැතිව, අහිංසක මිනිස්සුන්ගේ ව්‍යාපාරික හීන එක්ක සෙල්ලම් කරන එකයි.

​මේ කියන්නේ ඔයාලා කරන "මහා අපරාධ" ටික ගැනයි.🤌

​වෙබ් අඩවියක් හදනවා කියලා ගොඩක් අය කරන්නේ අනාගතයේ ලෙඩ ගොඩක් හැදෙන "ඩිජිටල් ජරාවක්" නිර්මාණය කරන එකයි. ඇයි එහෙම කියන්නේ? මේ වැරදි ඔබත් කරනවාද කියලා බලන්න.

​1. cPanel එකෙන් ලැබෙන "නොමිලේ පැකේජය"
cPanel එකට ගිහින් 'One Click Install' දුන්නම WordPress ඉන්ස්ටෝල් වෙනවා තමයි. හැබැයි ඒ එනකොටම එන Default Plugins සහ Themes ගොඩ ගැන හිතුවද? වෘත්තීය මට්ටමේ කෙනෙක් නම් මුලින්ම කරන්නේ Clean Installation එකක් කරන එක. එහෙම නැතුව ඒ කුණු ගොඩ උඩම වෙබ් එක හදන්න පටන් ගන්නවා කියන්නේ අත්තිවාරම දාන්නෙම වැරදියට.

​2. අරමුණක් නැති අත්හදා බැලීම් (The Testing Ground)
සයිට් එක හදන්න පටන් ගන්න කලින් Plan එකක් තියෙන්න ඕනි. පාවිච්චි කරන Theme එක මොකක්ද? අත්‍යවශ්‍ය Plugins මොනවද? කියලා.

එහෙම නැතුව සමහර අය කරන්නේ, “මේ Theme එක ලස්සනයි ඒක දාලා බලමු, හරි යන්නේ නෑ ඒක මකලා අරක දාමු” වගේ වැඩ. තව සමහරු එක පොඩි වැඩේට Plugins 10ක් විතර දාලා බලනවා මොකක්ද හරියන්නේ කියලා.

හොඳට මතක තියාගන්න, ඔබ Plugin එකක් Install කරලා Active කරපු ගමන් එය Database එකේ තැනක් ගන්නවා. පස්සේ එය Deactivate කරලා Delete කලත්, ඒ Plugin එකෙන් Database එකට එකතු කරපු "කුණු" (Junk Data) මැකෙන්නේ නෑ.

ප්‍රතිඵලය? කාලයක් යනකොට Website එක ඉබි ගමනට වැටෙනවා (Slow), Database එක පිපිරෙන්න වගේ ඉදිමෙනවා (Bloat), අන්තිමට Critical Errors එන්න ගන්නවා.

​3. "පොඩි වැඩේටත් Plugin එකක්"
වෙබ් එකේ පොඩි පාටක් වෙනස් කරගන්න ඕනිද? Plugin එකක් දානවා. ෆොන්ට් එකක් වෙනස් කරන්නද? තව Plugin එකක් දානවා.

ඇත්තටම දක්ෂ Developer කෙනෙක් නම් මේ සුළු දේවල් කරන්නේ Custom Code එකකින් හො තියෙන දේම පාවිච්චි කරලා. වැඩ 10ක් කරන්න Plugins 10ක් දාන කෙනා Developer කෙනෙක් නෙවෙයි, නිකන්ම "Plugin Installer" කෙනෙක් විතරයි.

​4. Elementor සහ Config පිස්සුව
Elementor වගේ Page Builder එකක් පාවිච්චි කරනවා නම්, ඒකේ Global Settings, Fonts, Colors මුලින්ම හරියට Setup කරගන්න ඕනි. එහෙම නැතුව පිටුවෙන් පිටුවට පාට මාරු කරනවා කියන්නේ Amateur වැඩක්.

අනිත් කාරණය wp-config එක. Post Revisions වගේ දේවල් ලිමිට් කරන්න config එක Customize කරන්න ඕනි බව ගොඩක් අය දන්නෙවත් නෑ. මේවා නොකර දිගටම වැඩ කරාම වෙන්නේ Database එක අනවශ්‍ය Data වලින් පිරෙන එක.

​5. Cache Plugins එක්ක සෙල්ලම් කිරීම
Speed එක වැඩි කරගන්න කියලා Cache plugins ජාති 5-6ක් දාලා බලන අය ඉන්නවා. මේකෙන් වෙන්නේ තියෙන Speed එකත් නැති වෙලා Database එක තවත් අවුල් වෙන එක විතරයි.

​6. Security කියන්නේ Plugin එකක් නෙවෙයි!
ගොඩක් අය හිතන් ඉන්නේ Wordfence වගේ බර Plugin එකක් දාගත්තම Security හරි කියලා. මේ Plugins වලින් වෙබ් අඩවිය තවත් බර වෙන එක විතරයි වෙන්නේ. ඊට වඩා Code මට්ටමෙන් සහ Server මට්ටමෙන් Security හදාගන්න පුළුවන් ක්‍රම ඕනි තරම් තියෙනවා. ඒවා නොදන්නා අය කරන්නේ සයිට් එක Slow කරගෙන හරි Plugin එකක් දාගන්න එක.

​7. Client ට දෙන Dashboard එක
වෙබ් එකක් Client ට භාර දෙනකොට, Dashboard එකට ගියාම Notifications 100ක් විතර පේන්න තියෙනවා නම්, හැමතැනම රතු පාටින් Errors පෙන්නනවා නම් ඒක වැඩක්ද? Professional Developer කෙනෙක් Client ට සයිට් එක දෙන්නේ බොහොම පිරිසිදු (Clean), පහසුවෙන් පාලනය කරන්න පුළුවන් Dashboard එකක් එක්ක.

❤‍🔥 ​අවසාන වශයෙන් Clients ලාට පොඩි පණිවිඩයක්:
රුපියල් දාහේ දෙදාහේ ලාභෙට වෙබ් අඩවි හදාගන්න ගිහින්, අන්තිමට ලක්ෂ ගාණක වටිනාකම තියෙන ඔබේ ව්‍යාපාරික නාමය (Brand) විනාශ කරගන්න එපා. වෙබ් අඩවියක් කියන්නේ Plugin ටිකක් එකතු කරන එක නෙවෙයි, ඊට වඩා ගැඹුරු තාක්ෂණික වගකීමක්!

Specification:
  • Type Of Article : Educational

Exchange By

Photo editor (work from home)

Photo editor (work from home)

*Photo Editor | Work from Home* LV Studios is looking for a talented full-time Photo Editor to join our creative team while working remotely. The ideal candidate should have a strong eye for detail, creativity, and the ability to transform raw event photos into visually stunning, story-driven edits. If you are passionate about photo editing and also have basic video editing skills, we would love to hear from you. Job Description… • Required to work 40 hours per week (approximately 8 hours per day) • Weekend work may be required depending on project timelines • Flexible working hours (Work from Home) • Editing event photos such as weddings, birthdays, funerals, and corporate events • Retouching, colour correction and album-ready photo delivery • Assist with basic video editing tasks when required (highlights, reels, simple edits) • Ensure all deliverables meet quality standards and deadlines Requirements & Qualifications… • Proven previous experience as a Photo Editor • Excellent knowledge and hands-on experience with Adobe Lightroom • Working knowledge of Adobe Premiere Pro • Professional qualification in Photo Editing or a related field is an added advantage • Fluency in English and Sinhala • Ability to work independently with minimal supervision • Strong time management skills and ability to meet strict deadlines • Ability to work under pressure and occasional night shifts • Ability to work independently • Must own a personal computer/laptop with a stable internet connection Remuneration… An attractive monthly remuneration package based on performance and quality of work will be offered. If you believe you are the right fit, we look forward to hearing from you! If interested, please share your CV and a few of your edited samples / portfolio via WhatsApp 077 929 6384 or email to [email protected]
Kandy
Rs : 65,000
Japanese teacher vacancy available 🇯🇵

Japanese teacher vacancy available 🇯🇵

⭕️ Japanese Teacher Vacancies Available! We are hiring qualified Japanese Language Instructors. 📚 Levels: JLPT | NAT N3 👨‍🏫 Experience Not Required ✅ Training Provide 🔺 Suitable for beginners 📲 Send your CV to: 077-7173590(WhatsApp) 📍 Location : NO 01, Semarippuwa, Kakkapalliya, Chilaw #TeachingJobs #JapaneseInstructor #japanese #japaneseteacher
Chilaw
Rs : 60,000
Beautician and hair dresser ✂

Beautician and hair dresser ✂

Join our beauty and hairstyle career team. Apply now and join us ! Salon black Salon Black Pettakotte and Delkanda 📞Contact 0779938305 WhatsApp 0742655588 📌Flit Minimum 2 years experience (hairstyle and makeup) Good communication (sinhala and English) 📌income Income is based on qualification and experience (Basic + Commission) up to 100000/=
Pita Kotte
Rs : 40,000
Delivery jobs are available 📌

Delivery jobs are available 📌

✔ ඩිලිවරි ආයතනයක ඇණවුම් එකතු කිරීමේ හා බෙදාහැරිමේ කටයුතු සඳහා බඳවා ගැනීම සිදුකරයි. ✔ වයස අවුරුදු 18-32 අතර පිරිමි. ✔ සුදුසුකම් පළපුරුද්ද අවශ්‍ය නොවේ. ✔ ඔයාට කරන්න තියෙන්නේ පාර්සල් එකතු කරන එක සහ බෙදාහරින එකයි. ✔සේවා කාලය පැය 09යි. ✔ සේවා කාලය දහවල් 12.00 සිට රාත්‍රී 9.00 දක්වා. ✔ සදුදා සිට සෙනසුරාදා දක්වා පමණයි. ✔ සේවාමුරයක වැටුප රු.2000/= ✔ OT පැයකට රු.250/= ✔ මාසික වැටුප් 072 642 4854
Kandy
Rs : 2,000
-British way-

-British way-

Call us for more details or send your cv now!
Anuradhapura
Rs : 40,000