Let's begin Reuse.

Web site development (Help) 🤝
  • Web site development (Help) 🤝

Web site development (Help) 🤝

0
Free Offer

වෙබ් අඩවියක් හදනවාද? නැත්නම් වෙබ් අඩවියක් "කනවාද"?

​(බාගෙට වැඩ දන්නා අයට සහ හුරතලේට වෙබ් හදන අයට රිදෙන්නම ඇත්ත කතාවක්!)

​WordPress කියන්නේ ලෝකේ තියෙන ජනප්‍රියම CMS එක බව ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ WordPress කියන්නේ "Install කරා -> Plugin කෑලි ටිකක් ඇමිණුවා -> Client ට දුන්නා" කියන එක කියලා හිතාගෙන ඉන්න පිරිසක් මේ ක්ෂේත්‍රයේ බිහි වී සිටීමයි.

​මේක කියවන ඔයා "Developer" කෙනෙක් නම්, පොඩ්ඩක් හිතට අත තියලා අහන්න, ඔයා ඇත්තටම කරන්නේ Development ද? නැත්නම් Next > Next > Install ගහලා Plugin ටිකක් ඔබන එකද කියලා.

​අද කාලේ ඕනෑම කෙනෙක්ට යූටියුබ් වීඩියෝ දෙකක් බලලා "Web Design Agency" එකක් පටන් ගන්න පුළුවන් බව ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ, තාක්ෂණය ගැන මෙලෝ දැනුමක් නැතිව, අහිංසක මිනිස්සුන්ගේ ව්‍යාපාරික හීන එක්ක සෙල්ලම් කරන එකයි.

​මේ කියන්නේ ඔයාලා කරන "මහා අපරාධ" ටික ගැනයි.🤌

​වෙබ් අඩවියක් හදනවා කියලා ගොඩක් අය කරන්නේ අනාගතයේ ලෙඩ ගොඩක් හැදෙන "ඩිජිටල් ජරාවක්" නිර්මාණය කරන එකයි. ඇයි එහෙම කියන්නේ? මේ වැරදි ඔබත් කරනවාද කියලා බලන්න.

​1. cPanel එකෙන් ලැබෙන "නොමිලේ පැකේජය"
cPanel එකට ගිහින් 'One Click Install' දුන්නම WordPress ඉන්ස්ටෝල් වෙනවා තමයි. හැබැයි ඒ එනකොටම එන Default Plugins සහ Themes ගොඩ ගැන හිතුවද? වෘත්තීය මට්ටමේ කෙනෙක් නම් මුලින්ම කරන්නේ Clean Installation එකක් කරන එක. එහෙම නැතුව ඒ කුණු ගොඩ උඩම වෙබ් එක හදන්න පටන් ගන්නවා කියන්නේ අත්තිවාරම දාන්නෙම වැරදියට.

​2. අරමුණක් නැති අත්හදා බැලීම් (The Testing Ground)
සයිට් එක හදන්න පටන් ගන්න කලින් Plan එකක් තියෙන්න ඕනි. පාවිච්චි කරන Theme එක මොකක්ද? අත්‍යවශ්‍ය Plugins මොනවද? කියලා.

එහෙම නැතුව සමහර අය කරන්නේ, “මේ Theme එක ලස්සනයි ඒක දාලා බලමු, හරි යන්නේ නෑ ඒක මකලා අරක දාමු” වගේ වැඩ. තව සමහරු එක පොඩි වැඩේට Plugins 10ක් විතර දාලා බලනවා මොකක්ද හරියන්නේ කියලා.

හොඳට මතක තියාගන්න, ඔබ Plugin එකක් Install කරලා Active කරපු ගමන් එය Database එකේ තැනක් ගන්නවා. පස්සේ එය Deactivate කරලා Delete කලත්, ඒ Plugin එකෙන් Database එකට එකතු කරපු "කුණු" (Junk Data) මැකෙන්නේ නෑ.

ප්‍රතිඵලය? කාලයක් යනකොට Website එක ඉබි ගමනට වැටෙනවා (Slow), Database එක පිපිරෙන්න වගේ ඉදිමෙනවා (Bloat), අන්තිමට Critical Errors එන්න ගන්නවා.

​3. "පොඩි වැඩේටත් Plugin එකක්"
වෙබ් එකේ පොඩි පාටක් වෙනස් කරගන්න ඕනිද? Plugin එකක් දානවා. ෆොන්ට් එකක් වෙනස් කරන්නද? තව Plugin එකක් දානවා.

ඇත්තටම දක්ෂ Developer කෙනෙක් නම් මේ සුළු දේවල් කරන්නේ Custom Code එකකින් හො තියෙන දේම පාවිච්චි කරලා. වැඩ 10ක් කරන්න Plugins 10ක් දාන කෙනා Developer කෙනෙක් නෙවෙයි, නිකන්ම "Plugin Installer" කෙනෙක් විතරයි.

​4. Elementor සහ Config පිස්සුව
Elementor වගේ Page Builder එකක් පාවිච්චි කරනවා නම්, ඒකේ Global Settings, Fonts, Colors මුලින්ම හරියට Setup කරගන්න ඕනි. එහෙම නැතුව පිටුවෙන් පිටුවට පාට මාරු කරනවා කියන්නේ Amateur වැඩක්.

අනිත් කාරණය wp-config එක. Post Revisions වගේ දේවල් ලිමිට් කරන්න config එක Customize කරන්න ඕනි බව ගොඩක් අය දන්නෙවත් නෑ. මේවා නොකර දිගටම වැඩ කරාම වෙන්නේ Database එක අනවශ්‍ය Data වලින් පිරෙන එක.

​5. Cache Plugins එක්ක සෙල්ලම් කිරීම
Speed එක වැඩි කරගන්න කියලා Cache plugins ජාති 5-6ක් දාලා බලන අය ඉන්නවා. මේකෙන් වෙන්නේ තියෙන Speed එකත් නැති වෙලා Database එක තවත් අවුල් වෙන එක විතරයි.

​6. Security කියන්නේ Plugin එකක් නෙවෙයි!
ගොඩක් අය හිතන් ඉන්නේ Wordfence වගේ බර Plugin එකක් දාගත්තම Security හරි කියලා. මේ Plugins වලින් වෙබ් අඩවිය තවත් බර වෙන එක විතරයි වෙන්නේ. ඊට වඩා Code මට්ටමෙන් සහ Server මට්ටමෙන් Security හදාගන්න පුළුවන් ක්‍රම ඕනි තරම් තියෙනවා. ඒවා නොදන්නා අය කරන්නේ සයිට් එක Slow කරගෙන හරි Plugin එකක් දාගන්න එක.

​7. Client ට දෙන Dashboard එක
වෙබ් එකක් Client ට භාර දෙනකොට, Dashboard එකට ගියාම Notifications 100ක් විතර පේන්න තියෙනවා නම්, හැමතැනම රතු පාටින් Errors පෙන්නනවා නම් ඒක වැඩක්ද? Professional Developer කෙනෙක් Client ට සයිට් එක දෙන්නේ බොහොම පිරිසිදු (Clean), පහසුවෙන් පාලනය කරන්න පුළුවන් Dashboard එකක් එක්ක.

❤‍🔥 ​අවසාන වශයෙන් Clients ලාට පොඩි පණිවිඩයක්:
රුපියල් දාහේ දෙදාහේ ලාභෙට වෙබ් අඩවි හදාගන්න ගිහින්, අන්තිමට ලක්ෂ ගාණක වටිනාකම තියෙන ඔබේ ව්‍යාපාරික නාමය (Brand) විනාශ කරගන්න එපා. වෙබ් අඩවියක් කියන්නේ Plugin ටිකක් එකතු කරන එක නෙවෙයි, ඊට වඩා ගැඹුරු තාක්ෂණික වගකීමක්!

Specification:
  • Type Of Article : Educational

Exchange By

Active plus ➕

Active plus ➕

📌Job Alert in Horana / Kottawa / Bandaragama. We're hiring at Active Plus Physiotherapy Hospital in Horana / Kottawa / Bandaragama. • Physiotherapy assistant (Male/Female) • Ayurveda therapist (Male/Female) Send your CV to +94 76 204 94 72 on WhatsApp or [email protected] Call for more details: +9770 756 0956 (SL)
Horana
Rs : 45,000
Office coordinator

Office coordinator

🌟 Urgent Vacancy available for a Office Coordinator 🌟 📍 Location: Kandy Branch, William Gopallawa Mawatha, Kandy 📝 Position: Office Coordinator 🌟We are looking for a dynamic and organized Office Coordinator to join our team at our Kandy branch. 🌟 🔑 Key Responsibilities: Coordinating daily office operations Managing schedules and documentation Supporting staff and ensuring smooth workflow 🎯 Requirements: Strong communication and organizational skills Ability to multitask and work independently Prior experience in office administration is an advantage Preferably, the candidate should reside within the town area. 📲 How to Apply: Send your CV via WhatsApp to 077 750 2826
Kandy
Rs : 55,000
Diploma in professional cookery

Diploma in professional cookery

👨‍🍳 Diploma in Professional Cookery – AIBT Kandy Campus! 🔥 Ready to turn your passion for cooking into a world-class career? Join our Diploma in Professional Cookery and train to become a skilled chef with a UK Qualification that’s recognized worldwide! 🌍 🍽️ Programme Highlights: ✅ Duration: 4 Months | Full-time | 120 Credits ✅ UK Qualification | Ofqual endorsed ✅ Exciting Internship Opportunities ✅ Master 40+ National & International Menus ✅ Hands-on Kitchen Training with Expert Chefs 👨‍🍳 🎯 Gain the skills, creativity, and confidence to work in top hotels, restaurants, or even start your own culinary journey! ✨ 🗓️ New Intake Now Open! 📲 WhatsApp 👉 https://wa.me/94742866155 #ProfessionalCookery #ChefLife #AIBTKandy #CulinaryArts #BritishQualification #Hospitality #CookeryDiploma #FoodLovers #InternationalMenus #UKDiploma #AIBTKandyCampus #StudyInSriLanka
Kandy
Rs : 0
Join our wining sales team 🤝

Join our wining sales team 🤝

Expand Your Career Horizons with CBC Finance PLC. As a fully owned subsidiary of Commercial Bank of Ceylon PLC, we offer a stable and rewarding environment for sales professionals to thrive. We are currently inviting applications for various sales roles at our branches islandwide. 📧 Apply today: Send your CV to [email protected] and unlock your potential with a subsidiary of Commercial Bank of Ceylon PLC. #CBCFinance #Hiring #SalesJobs #CareerGrowth #SriLankaJobs #JoinOurTeam #TeamCBCF
Kandy
Rs : 60,000
Carolina academy

Carolina academy

Carolina Academy - Hotel School 🛑 An opportunity for those who have studied up to A.P.S (General Level) or (High Level), to gain international qualification. Online Application Form https://forms.gle/yJ2fMyeLBsHayRaM8 WhatsApp Group Link https://chat.whatsapp.com/L15PcRG4lS85owOe4zSz81... 📣Pastry & Baker Field Courses📣 🛑Baker-Commis 2 🛑Assistant Pastry Cook 🛑Baker-Commis 1 🛑Industrial Training (OJT) ⭕For those above 16 years old. ⭕In our hotel premises (CAROLINA BEACH HOTEL) according to the basic training technique for this course expertise. ⭕Two certificates with national career certificate relevant to NVQ level and certificate given by our hotel school at the end of the course. ⭕The content of the course is a course targeted at the requirements of domestic and abroad. ⭕The NVQ level 03 courses applicable to this course take 3 to 04 months. Also, the NVQ level 04 courses take 12 to 13 months (including 6 months employment training). ⭕Our institution is guided for local and foreign employment opportunities so that students who successfully completed the course will get vacancies. ⭕Trained media: English and (Sinhala/Tamil) languages used. 📣Facilities / Facilities📣 ⭕Accommodation facilities can be arranged for students who cannot reach daily or are difficult to distance. ⭕Course related hand sheets, tutorials, practical guidelines. ⭕Course related program description, timetable and performance book of the trainer. 📣Free Items You Receive📣 🔺Trainee Chef Kit 🔺Boss Hat 🔺Apron 🔺All Resources required for Practicals and assessments Contact for more information. 078 181 1150 / 071 455 3651
Chilaw
Rs : 0