Let's begin Reuse.

Aruna Darshana - Sri Lankan Athlete @2024Olympic
Aruna Darshana - Sri Lankan Athlete @2024Olympic
Aruna Darshana - Sri Lankan Athlete @2024Olympic
  • Aruna Darshana - Sri Lankan Athlete @2024Olympic
  • Aruna Darshana - Sri Lankan Athlete @2024Olympic
  • Aruna Darshana - Sri Lankan Athlete @2024Olympic

Aruna Darshana - Sri Lankan Athlete @2024Olympic

0
Free Offer

2024 පැරීසියෙ දම් පාට ට්‍රැක් එකේ අපේ කොල්ලෙක් දුවනවා. අන්තිමම මං තීරුවේ, ඌ තනියෙන්ම දුවනවා. කවුරු එනවද, කොහෙන් එනවද මොකුත් නොපෙනිම කොල්ලා උපරිමයෙන් දුවනවා.

හැබැයි ත්‍රිකුණාමලේ, සිංහපුර ඉඳලා මේ පැරිසියට ආපු පාර , ඔවු ඒක ලේසි එකක් නෙමේ.

අරුණ ❤ පැරීසියට එන්නෙ මීටර 400 පිරිමි ඉසවුවේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 46 වෙනිය විදියට. ලෝකෙන්ම 46. එහෙම වෙන්න අරුණ ආපු ගමන ලේසි නෑ.

2018 දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියෙන් මීටර 200 , මීටර 400 සහ මීටර 4x400 කියන ඉසවු තුනෙන්ම රන් පදක්කම් දිනා ගන්නෙ අරුණ.

ඒත් එක්කම 2018 ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියෙදිත් අරුණ මීටර 400 සහ මීටර 4x400 කියන ඉසවු ද්විත්වයෙම රන් පදක්කම් දිනා ගන්නව.

ඉන් අනතුරුව එළඹෙන 2019 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලෙදි මීටර 400 සහ 4x400 ඉසවු ද්විත්වයෙත් රන් පදක්කම් දිනා ගන්නට අරුණ සමත් වෙනව.

2022 ආසියානු ශූරතාවලියෙන් පිරිමි මීටර 4x400 ඉසව්වෙ ලෝකඩ පදක්කමත්, ඉන් අනතුරුව 2023 ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියෙන් පිරිමි මීටර 4x400 සහය දිවීමේ ඉසවුවෙන් රන් පදක්කම සහ මිශ්‍ර මීටර 4x400 ඉසවුවෙන් රිදී පදක්කමත් අපේ රටට දිනා ගන්න අරුණ තමන්ගෙ උපරිම ධාවන හැකියාව ලබා දෙනව.

මීටර 200 සහ 400 ඉසවු වල ජාතික ශූරයා බවට පත් වෙන අරුණ මෙරටදී මීටර 200 ඉසවුව සඳහා වාර්තා කරල තියෙන 20:45 s, මෙරටදී ක්‍රීඩකයෙකු වාර්තා කල හොඳම කාලය. ( වැරදිනම් නිවැරදි කරන්න ).

මෙහෙම බොහොම පරෙස්සමට පියවරෙන් පියවර ඉදිරියට ආපු අරුණව, පැරිස් දක්වාත්, ඉන් ඉදිරියටත් තමන්ගේම දරුවෙකු හා සමානව ආදරණීයව රැකබලා ගනිමින්, මඟ පෙන්වන්නෙ ඔහුගේ පුහුණුකරු අසංක රාජකරුණා. මේ ගුරු ගෝල සුසංයෝගය තමයි අරුණගෙ ශක්තිය සහ සාර්ථකත්වය. වැටෙන තැන නැගිට්ටවන්න, වරදින තැන් වල හරි ගස්සන්න, දිනල එනකොට බදාහෙන අඬන්න ගුරුවරයෙක් ඉන්නව කියන්නෙම අරුණ හරි වාසනාවන්ත කොල්ලෙක්.

ආයෙම අපි පැරිසියට යමුද ?

ඔවු, පැරීසියෙ, අයිෆල් කුළුණ පාමුල Stade de France ක්‍රීඩාංගණයේ, අගෝස්තු 4 ලංකාවෙ වෙලාවෙන් 10:35 ට විතර, දම්පාට track එකේ heat 5 start list එකේ, අන්තිමම ලේන් එකේ, ඒ කියන්නෙ 9 වෙනි මං තීරුවේ, පපුවෙ වම් පැත්තෙ සිංහයෙකුගෙ රුවක් තියෙන නිල් පාට ඇඳුමක් ඇඳගෙන ආරම්භක සංඥාව ලැබෙනකොටම අරුණ තමන්ගෙ ධාවනය ආරම්භ කරනවා.

2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළේ මීටර 400 රන් පදක්කම, 2016 රියෝ ඔලිම්පික් උලෙළේ රිදී පදක්කම සහ 2021 ටෝකියෝ ඔලිම්පික් උලෙළේ ලෝකඩ පදක්කම දිනා ගත්ත ග්‍රෙනේඩාවේ කිරානි ජේම්ස් එක්ක, තමන්ට වඩා ඉහළින් ඉන්න ක්‍රීඩකයන් 7 ක්ම ඉන්න බව අරුණ හොඳාකාරවම දන්නවා. ඒ කිසිම කෙනෙක් දුවනවද නැද්ද කියල නොපෙනී කාලයත් එක්ක තමන්ට සටන ගෙනියන්න වෙන බව අරුණ දන්නවා. 9 th lane එකේ තමන් bend එක ගන්නකොට, වෙන්න ඕන හරිය වෙලා ඉවරයි කියලත් අරුණ දන්නවා. ඉතින් අරුණ දුවනවා. උපරිම වේගයෙන් දුවනවා. අරුණට තරඟය පේන්න ගන්නකොට වැරදි හදන්න වෙලාවක් ඉතුරු නැති බව අරුණ දන්නවා.

හැබැයි, අරුණ අරුණව විශ්වාස කරනවා. ඊටත් වඩා, අරුණගෙ පුහුණුකරු අසංක රාජකරුණා අරුණව විශ්වාස කරනවා. අරුණ තමන්ට ලැබෙන උපදෙස් හරියටම ක්‍රියාත්මක කරනවා. අවසාන මොහොත වෙනකොට කිරානි ජේම්ස් තරඟයේ ඉදිරියෙන්. 8 වෙනි මං තීරුවේ කැනේඩියානු ක්‍රීඩකයගෙන් අරුණට ලොකු අභියෝගයක් එල්ල වෙනවා.

කමක් නෑ, අරුණ ඒ තරඟය නිමා කරන්නෙ 3 වැන්න විදියට. නිකන්ම නෙමෙයි, හොඳමv පුද්ගලික දක්ෂතාවයක් එක්ක. 44:99 කට.

1998 සුගත් තිලකරත්න 44:61 කට මීටර 400 දිවුවට පස්සෙ, අරුණ තමයි තත්පර 45 කඩඉම ජයග්‍රහණය කරන දෙවෙනි ක්‍රීඩකයා.

2004 රොහාන් ප්‍රදීප් කුමාර පිරිමි මීටර 400 ඉසවුවෙන් ඔලිම්පික් උළෙලට ලංකාව නියෝජනය කලාට පස්සෙ ම, අරුණ තමයි ඊ ළඟ නියෝජනය ඒ ඉසවුවෙන්, 2024 පැරිස් වල.

කවදාවත් අමතක නොවෙන රේස් එකක් දුවල, semi final qualify වෙලා එන අරුණව බදාගෙන සතුටට අඬන අරුණගෙ ගුරුතුමාට වගේම, මළල ක්‍රීඩාවට, ක්‍රීඩාවට, අරුණට ආදරය කරන අපෙත් ඇස් වලට කඳුළු පුරවන්න අරුණට අද පුළුවන් වුණා.

අරුණ කියන්නෙ මීටර 400 ඉසවුවට, ලංකාවෙ මිලියන 22 ක ඔලිම්පික් නියෝජනය.

අරුණ කියන්නෙ මීටර 400 ඉසවුවට බිලියන දෙකහමාරක දකුණු ආසියානු නියෝජනය.

අරුණ තමයි, බිලියන හතර හමාරක් වෙන සමස්ත ආසියාවෙන්ම, Paris Olympic පිරිමි මීටර 400 ඉසවුවෙ semi final වල එකම නියෝජනය.

46 වෙනිය විදියට පැරිසියට ආපු අරුණ, මේ වෙනකොට ඒ 46 න් හොඳම 18 දෙනා ඇතුලෙ.

ඉතිං අරුණ, අපි අරුණගෙ ශක්තිය විශ්වාස කරනවා. ඒ ශක්තියට පුහුණුකරුගෙන් එකතු වෙන ගුරුහරුකම් ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසාම, අපි බලාපොරොත්තු දල්වාගෙන බලන් ඉන්නවා. හෙට, ඒ කියන්නෙ අගෝස්තු 6, අපි හැමෝම අරුණත් එක්ක දුවනවා. අරුණ කවදත් අරුණගෙ උපරිමය දෙන බව අපි හොඳාකාරවම දන්නවා.

මේක pressure එකක් නෙමෙයි කොල්ලෝ, ගැම්මක්. රටක් එකතු වෙලා දෙන ගැම්මක්. ඉතින් ඒ ගැම්මට උඹ උපරිම ශක්තිය අරගෙන එදාට දුවපන්. වෙන්නෙ මොකක්ද නොහිතා දුවපන්. මොකක් උනත්, අත නොහැර අපි උඹත් එක්කම ඉන්නවා. ආදරෙයි. එච්චරයි ❤🔥

#ParisOlympics2024 #Paris2024 #ParisOlympics #Paris2024Olympics #olympics2024 #olympicgames2024 #OlympicGamesParis2024 #Athletics Aruna Darshana #ArunaDarshana

Specification:

Exchange By

LAND FOR SALE OVERLOOKING KANDY LAKE

LAND FOR SALE OVERLOOKING KANDY LAKE

PRIME LAND FOR SALE OVERLOOKING KANDY LAKE This land offers a rare opportunity with stunning city and lake views. Ideal for a hotel or mixed development, it borders a Forest Reserve, ensuring peaceful surroundings and a serene, private environment, all just a short distance from the city. LKR 2 MILLION PER PERCH 6 ACRES FACING RAJAPILLA MW 1KM ΤΟ ΚANDY LAKE KANDY LAKE VIEWS WATER AND ELECTRICITY
Kandy
Rs : 2,000,000
INDUSTRIAL LAND FOR SALE NEGOMBO RD SANDALANKAWA

INDUSTRIAL LAND FOR SALE NEGOMBO RD SANDALANKAWA

PRIME INDUSTRIAL LAND FOR SALE NEGOMBO RD SANDALANKAWA This industrial land, ideally located along the Negombo-Kurunegala main road, offers excellent accessibility and strong potential for future growth. Suitable for factories, warehouses, or development projects, it is bordered by lush paddy fields, adding a serene and attractive investment appeal. LKR 15 MILLION PER ACRE 70 ACRES 500M FRONTAGE 26KM ΤΟ KATUNAYAKE BIA 40FT CONTAINER ACCESS ADDITIONAL 30FT CARPET RD ELECTRICITY & WATER
Sandalankawa
Rs : 15,000,000
VILLA FOR SALE IN NUWARA ELIYA

VILLA FOR SALE IN NUWARA ELIYA

SERENE LAKESIDE VILLA FOR SALE IN THE HEART OF NUWARA ELIYA This villa, 500m from Lake Gregory, offers lake views, spacious living and dining, two kitchens, hot water, garden, and secure access, making it ideal for a holiday home, guest house, or investment. LKR 230 MILLION 25 PERCHES 2 STOREY, 8 ROOMS 6,000 SQ.FT SEPARATE LAUNDRY OUTDOOR SPACE
Nuwara Eliya
Rs : 230,000,000
Luxury villa - #Nuwara Eliya

Luxury villa - #Nuwara Eliya

🌲 *Own Your Hill Country Escape* 🏡 Luxury villa for sale in Nuwara Eliya with panoramic views, fireplaces & more. 📍 A rare gem in the cool highlands. 🔗 forestsidelk.my.canva.site 45 perches Total Floor Area 4000 sq. ft 5 vehicles parking spaces 6 Bedrooms. all rooms have private bathrooms and electric heaters as standard ground floor 2, upper floor 2, top floor 2 Attached Bathrooms (with hot water) ground floor 2, upper floor 2, top floor 2 living rooms ground floor 1, upper floor 1, top floor 1 Dining Rooms, pantry, & Verandah 30 ft wide Roadway access Electricity Supply single phase overhead tank, parapet wall all around, roof is asbestos, flooring is red cement & tiles Call +94773063410
Nuwara Eliya
Rs : 129.90
Vacancy - Accountant

Vacancy - Accountant

WE ARE HIRING! ACCOUNTANT Qualifications & Requirements: CA Sri Lanka Qualified Chartered Accountant (or equivalent professional qualification). Minimum 10 years of relevant experience (Accounting, taxation, banking, investment, etc) in the IT industry. Computer literate with Proficiency in ERP systems, MS Office, and general IT applications. Strong communication skills with proficiency in English. SUBMIT YOUR CV www.cenmetrix.lk [email protected] cenmetrix
All Of Colombo
Free Offer