Let's begin Reuse.

1980's Sri Lanka Famous Stamp
  • 1980's Sri Lanka Famous Stamp

1980's Sri Lanka Famous Stamp

0
Free Offer
Like to Exchange With Products / Services

two famous stamps from 80's .
like to exchange with similar period different 2 stamps

Specification:
  • Origin / Country : Sri Lanka 1980's

Exchange By

Help the Hope

Help the Hope

මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන හදවත් වෙනුවෙන්.. කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴 ඔව් , එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪 ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි.. ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎 ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි.. පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇 Tomo-Therapy & Linear Accelerators කියන්නෙ ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්. ඒත් ඒවා ඉතාම මිල අධිකයි.. මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක් මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි.. • ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්! • අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන් ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා.. • තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰 ලොකු ගානක් නේද?? 😐 නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳ මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂 • මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන් කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්, • ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪 එහෙව් අපිට, පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ ! අපි එකතු වෙමු, ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු ලොකුම Donation Campaign එකට! ❤ Account Name : APEKSHA CANCER HOSPITAL Bank of Ceylon, Maharagama Account Number : 71275069 (පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)
Maharagama
Free Offer
Aruna Darshana - Sri Lankan Athlete @2024Olympic

Aruna Darshana - Sri Lankan Athlete @2024Olympic

2024 පැරීසියෙ දම් පාට ට්‍රැක් එකේ අපේ කොල්ලෙක් දුවනවා. අන්තිමම මං තීරුවේ, ඌ තනියෙන්ම දුවනවා. කවුරු එනවද, කොහෙන් එනවද මොකුත් නොපෙනිම කොල්ලා උපරිමයෙන් දුවනවා. හැබැයි ත්‍රිකුණාමලේ, සිංහපුර ඉඳලා මේ පැරිසියට ආපු පාර , ඔවු ඒක ලේසි එකක් නෙමේ. අරුණ ❤ පැරීසියට එන්නෙ මීටර 400 පිරිමි ඉසවුවේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 46 වෙනිය විදියට. ලෝකෙන්ම 46. එහෙම වෙන්න අරුණ ආපු ගමන ලේසි නෑ. 2018 දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියෙන් මීටර 200 , මීටර 400 සහ මීටර 4x400 කියන ඉසවු තුනෙන්ම රන් පදක්කම් දිනා ගන්නෙ අරුණ. ඒත් එක්කම 2018 ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියෙදිත් අරුණ මීටර 400 සහ මීටර 4x400 කියන ඉසවු ද්විත්වයෙම රන් පදක්කම් දිනා ගන්නව. ඉන් අනතුරුව එළඹෙන 2019 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලෙදි මීටර 400 සහ 4x400 ඉසවු ද්විත්වයෙත් රන් පදක්කම් දිනා ගන්නට අරුණ සමත් වෙනව. 2022 ආසියානු ශූරතාවලියෙන් පිරිමි මීටර 4x400 ඉසව්වෙ ලෝකඩ පදක්කමත්, ඉන් අනතුරුව 2023 ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියෙන් පිරිමි මීටර 4x400 සහය දිවීමේ ඉසවුවෙන් රන් පදක්කම සහ මිශ්‍ර මීටර 4x400 ඉසවුවෙන් රිදී පදක්කමත් අපේ රටට දිනා ගන්න අරුණ තමන්ගෙ උපරිම ධාවන හැකියාව ලබා දෙනව. මීටර 200 සහ 400 ඉසවු වල ජාතික ශූරයා බවට පත් වෙන අරුණ මෙරටදී මීටර 200 ඉසවුව සඳහා වාර්තා කරල තියෙන 20:45 s, මෙරටදී ක්‍රීඩකයෙකු වාර්තා කල හොඳම කාලය. ( වැරදිනම් නිවැරදි කරන්න ). මෙහෙම බොහොම පරෙස්සමට පියවරෙන් පියවර ඉදිරියට ආපු අරුණව, පැරිස් දක්වාත්, ඉන් ඉදිරියටත් තමන්ගේම දරුවෙකු හා සමානව ආදරණීයව රැකබලා ගනිමින්, මඟ පෙන්වන්නෙ ඔහුගේ පුහුණුකරු අසංක රාජකරුණා. මේ ගුරු ගෝල සුසංයෝගය තමයි අරුණගෙ ශක්තිය සහ සාර්ථකත්වය. වැටෙන තැන නැගිට්ටවන්න, වරදින තැන් වල හරි ගස්සන්න, දිනල එනකොට බදාහෙන අඬන්න ගුරුවරයෙක් ඉන්නව කියන්නෙම අරුණ හරි වාසනාවන්ත කොල්ලෙක්. ආයෙම අපි පැරිසියට යමුද ? ඔවු, පැරීසියෙ, අයිෆල් කුළුණ පාමුල Stade de France ක්‍රීඩාංගණයේ, අගෝස්තු 4 ලංකාවෙ වෙලාවෙන් 10:35 ට විතර, දම්පාට track එකේ heat 5 start list එකේ, අන්තිමම ලේන් එකේ, ඒ කියන්නෙ 9 වෙනි මං තීරුවේ, පපුවෙ වම් පැත්තෙ සිංහයෙකුගෙ රුවක් තියෙන නිල් පාට ඇඳුමක් ඇඳගෙන ආරම්භක සංඥාව ලැබෙනකොටම අරුණ තමන්ගෙ ධාවනය ආරම්භ කරනවා. 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළේ මීටර 400 රන් පදක්කම, 2016 රියෝ ඔලිම්පික් උලෙළේ රිදී පදක්කම සහ 2021 ටෝකියෝ ඔලිම්පික් උලෙළේ ලෝකඩ පදක්කම දිනා ගත්ත ග්‍රෙනේඩාවේ කිරානි ජේම්ස් එක්ක, තමන්ට වඩා ඉහළින් ඉන්න ක්‍රීඩකයන් 7 ක්ම ඉන්න බව අරුණ හොඳාකාරවම දන්නවා. ඒ කිසිම කෙනෙක් දුවනවද නැද්ද කියල නොපෙනී කාලයත් එක්ක තමන්ට සටන ගෙනියන්න වෙන බව අරුණ දන්නවා. 9 th lane එකේ තමන් bend එක ගන්නකොට, වෙන්න ඕන හරිය වෙලා ඉවරයි කියලත් අරුණ දන්නවා. ඉතින් අරුණ දුවනවා. උපරිම වේගයෙන් දුවනවා. අරුණට තරඟය පේන්න ගන්නකොට වැරදි හදන්න වෙලාවක් ඉතුරු නැති බව අරුණ දන්නවා. හැබැයි, අරුණ අරුණව විශ්වාස කරනවා. ඊටත් වඩා, අරුණගෙ පුහුණුකරු අසංක රාජකරුණා අරුණව විශ්වාස කරනවා. අරුණ තමන්ට ලැබෙන උපදෙස් හරියටම ක්‍රියාත්මක කරනවා. අවසාන මොහොත වෙනකොට කිරානි ජේම්ස් තරඟයේ ඉදිරියෙන්. 8 වෙනි මං තීරුවේ කැනේඩියානු ක්‍රීඩකයගෙන් අරුණට ලොකු අභියෝගයක් එල්ල වෙනවා. කමක් නෑ, අරුණ ඒ තරඟය නිමා කරන්නෙ 3 වැන්න විදියට. නිකන්ම නෙමෙයි, හොඳමv පුද්ගලික දක්ෂතාවයක් එක්ක. 44:99 කට. 1998 සුගත් තිලකරත්න 44:61 කට මීටර 400 දිවුවට පස්සෙ, අරුණ තමයි තත්පර 45 කඩඉම ජයග්‍රහණය කරන දෙවෙනි ක්‍රීඩකයා. 2004 රොහාන් ප්‍රදීප් කුමාර පිරිමි මීටර 400 ඉසවුවෙන් ඔලිම්පික් උළෙලට ලංකාව නියෝජනය කලාට පස්සෙ ම, අරුණ තමයි ඊ ළඟ නියෝජනය ඒ ඉසවුවෙන්, 2024 පැරිස් වල. කවදාවත් අමතක නොවෙන රේස් එකක් දුවල, semi final qualify වෙලා එන අරුණව බදාගෙන සතුටට අඬන අරුණගෙ ගුරුතුමාට වගේම, මළල ක්‍රීඩාවට, ක්‍රීඩාවට, අරුණට ආදරය කරන අපෙත් ඇස් වලට කඳුළු පුරවන්න අරුණට අද පුළුවන් වුණා. අරුණ කියන්නෙ මීටර 400 ඉසවුවට, ලංකාවෙ මිලියන 22 ක ඔලිම්පික් නියෝජනය. අරුණ කියන්නෙ මීටර 400 ඉසවුවට බිලියන දෙකහමාරක දකුණු ආසියානු නියෝජනය. අරුණ තමයි, බිලියන හතර හමාරක් වෙන සමස්ත ආසියාවෙන්ම, Paris Olympic පිරිමි මීටර 400 ඉසවුවෙ semi final වල එකම නියෝජනය. 46 වෙනිය විදියට පැරිසියට ආපු අරුණ, මේ වෙනකොට ඒ 46 න් හොඳම 18 දෙනා ඇතුලෙ. ඉතිං අරුණ, අපි අරුණගෙ ශක්තිය විශ්වාස කරනවා. ඒ ශක්තියට පුහුණුකරුගෙන් එකතු වෙන ගුරුහරුකම් ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසාම, අපි බලාපොරොත්තු දල්වාගෙන බලන් ඉන්නවා. හෙට, ඒ කියන්නෙ අගෝස්තු 6, අපි හැමෝම අරුණත් එක්ක දුවනවා. අරුණ කවදත් අරුණගෙ උපරිමය දෙන බව අපි හොඳාකාරවම දන්නවා. මේක pressure එකක් නෙමෙයි කොල්ලෝ, ගැම්මක්. රටක් එකතු වෙලා දෙන ගැම්මක්. ඉතින් ඒ ගැම්මට උඹ උපරිම ශක්තිය අරගෙන එදාට දුවපන්. වෙන්නෙ මොකක්ද නොහිතා දුවපන්. මොකක් උනත්, අත නොහැර අපි උඹත් එක්කම ඉන්නවා. ආදරෙයි. එච්චරයි ❤🔥 #ParisOlympics2024 #Paris2024 #ParisOlympics #Paris2024Olympics #olympics2024 #olympicgames2024 #OlympicGamesParis2024 #Athletics Aruna Darshana #ArunaDarshana
Any / All
Free Offer
9KVA Diesel silent generator

9KVA Diesel silent generator

9kva Diesel almost b. New Silent generator with wheels Key start 100hrs use 190kg
Dehiwala
Rs : 375,000
මුදල් ඉතුරු කරන අලුත්ම Trend එක

මුදල් ඉතුරු කරන අලුත්ම Trend එක

අනවශ්‍ය දේ නිධානයක් කරගෙන , අවශ්‍ය දේ අරගෙන fun එකේ ඉන්න මෙන්න හොඳම චාන්ස් එක huwamaru.lk භාවිතා කළ නොකළ , වැඩිපුර ඇති, වෙන පාටක්, වෙනස් Size, වෙනත් Design හොයන ඔබට අලුතින් මිලදී නොගෙන සපත්තු , බෑග්, ඇඳුම් පැළඳුම් ආදිය මාරු කිරීමට හුවමාරු කිරීමට දැන් සුපිරි අවස්ථාව ඔබගේ මුදල් සහ කාලය ඉතුරු කරන අලුත්ම Trend එක Huwamaru.lk
All Of Colombo
Free Offer
Used copy Books Donation.

Used copy Books Donation.

ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න... සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අවැසි කඩදාසි ප්‍රමාණවත් තරම් නොමැතිකමයි. වසරක් තුල දෘෂ්‍යතාවය ඇති ලාංකීකයන් විසින් CR පොත් මිලියන ගණනක් භාවිතයෙන් පසු ඉවත දමනවා. මෙලෙස ලියා අවසන් කර ඉවත දමන CR පොත බ්‍රෙල් වලින් අකුරු කරන අන්ධ සිසුන්ට අලු‍ත්ම පොතක් ලෙස භාවිතා කල හැකිය. වසරකට ඉවත දමන CR පොත්වලින් 1ක් හෝ පරිත්‍යාග කල හැකි නම්, ලංකාවේ සෑම අන්ධ සිසුවෙකුගේම කඩදාසි අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලන්නට ප්‍රමාණවත්. ඇස් නොපෙනෙන දරුවන්ගේ දෑස් පාදන්න, ඔබ ලියා නිම කළ පරණ CR පොත් පහත සඳහන් ProMate අලෙවිසැල් වෙත ඔබත් ගෙනවිත් බාර දෙන්න. ❤️ එමෙන්ම , පාව්විවි කරපු ඒත් තව කෙනෙක්ට ආපහු භාවිතා කරන්න පුලුවන් ඇදුම් සහ භාවිතා කරපු CR පොත්(ඇස් නොපෙනෙන අපේම අයට ඉගෙන ගන්න)ලගම සිටින Volunteer sri lanka සමාජිකයෙක්ට ලබා දෙන්න ඔයලාට පුලුවන් රෙදි සහ පොත් බාර දීමේදී පහත සදහන් අය සම්බන්ධ කර ගත හැක.. Pramila( 0717811711)-kalutara,Nugegoda Danidu(0779290042)-panadura,katunayke Rumesh (0771036230)- Moratuwa Fathima (0702822722) Kurunegala, kuliyapaitiya, hettipola, bingiriya ,panduwasnuwara Anura (07166 99 500)- Gampaha,yakkala ,nittambuwa Roshan(077 262 4277)-Polonnaruwa,Chilaw, Madampe Denuwan(076 304 9683)- ganemulla Mohan(076 823 2315) -Ragama Yasith( 071 223 8338)-colombo Buddhika(077 907 8103)-kaluthra,wadduwa Sandun(077 260 4309)-piliyandala Mayuri(071 044 0567)-werahara Darshika(071 862 2722)-Borella,Battaramulla Hasini-071 182 4680(Galle face) Praveena (0767009033)- Wattala, mabola, kandana, ja ela, mattakuliya, grandpass, dematagoda, Hunupitiya, Dilan- 071 444 4030(Matara) Sachini-76 804 7764(Galle) Thevinu- 071 529 4000(kandy) Tharinda- 071 636 4997(Polonnaruwa) Chathura-077 126 1626(Mirigama) Other locations- Pramila - 0717811711
All Of Colombo
Free Offer