දැන් මට මේ ගැන අහන්න කෙනෙක්වත් නැ, හරියට දන්න අයත් නැ. ඒ නිසා දන්න අයගෙන් උත්තරයක් ලැබුණොත් ලොකු උදව්වක් 😥
මම 2025 A/L කළේ Mathematics + IT එක්ක. දැන් මට ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් තියෙන්නේ IT පැත්තෙන් job එකක් විතරයි.
මේ වෙලාවේ මට සල්ලි ප්‍රශ්න ගොඩක් තියෙනවා. A/L result එක හොඳ වෙයි කියලා හිතෙනවා, හැබැයි campus ගිහින් degree එකක් කරන්න මම කැමැත්තක් නැ.
මට තනියම (self-study) ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා, විශේෂයෙන්ම Cyber Security පැත්තට.
ඒත් මට සැකයක් තියෙනවා:
ලංකාවෙ Cyber Security jobs අඩුද?
ChatGPT වගේ tools වලින් අහද්දි කියන්නේ ඉස්සරහට මේ field එකේ jobs වැඩි වෙයි කියලා. ඒක ඇත්තද?
Self-study කරලා degree එකක් තියෙන කෙනෙක්ට සමාන skill level එකක් හදාගන්න අමාරුයිද?
දැන් මට 19යි. 20 වෙද්දි වගේ Cyber Security job එකක් හොයාගන්න බැරිවෙයිද?
මේ ගැන real experience තියෙන, දන්න අයගෙන් honest advice එකක් ලැබුණොත් ගොඩක් වැදගත්. 🙏