නිල් කටරොළු තේ
වියළි නිල් කටරලු මල් ලබා ගැනිම සඳහා
අපට කතා කරන්න #0715553769
සිරුර පැහැපත් කරගැනීමට ද නිල්
කටරොළු පුෂ්පයේ යුෂ පානය කිරීමට
හැකිය. නිල් කටරොළු පුෂ්ප යොදා ගෙන
කරනු ලබන විවිධ නිෂ්පාදන අතරින් නිල්
‘කටරොළු තේ’ යනු ඉතාමත් ප්‍රචලිත
නිෂ්පාදනයකි. එමෙන්ම, කෙටි කාලයකදී
ඉතාම ඉක්මනින් මෙම කටරොළු තේ
පානය සාදා ගත හැකිය. ඔබේ ගෙවත්තේත්
නිල් කටරොළු මල් තිබේ නම්, ඔබට එය
ඉතාම ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ
හැකිය. මෙම තේ පානය ශරීරයට
බෙහෙවින් හිතකර වෙයි. පිලිකා සෛල
මර්දනය, දහඩිය දැමීම අඩු වීම හා දහඩිය
දුගඳ නැති වීම, තුවාල සුව වීම වැනි
අවස්ථාවලදීත් කාන්තාවන්ගේ
බොහොමයක් සෞඛ්‍ය ගැටළු සඳහාත්
මෙම නිල් කටරොළු තේ ඖෂධයක් ලෙස
භාවිත කළ හැකි බව මේ වන විට
පර්යේෂණාත්මකව තහවුරු කරගෙන
ඇත. මෙම තේ පානය මගින් දන්ත රෝග
සුව කරගැනීමේ හැකියාවක්ද ඇත. මෙම
නිල් කටරොළු තේ භාවිතය ශ්‍රී ලංකාවට
අලුත් දෙයක් වුවද ඉන්දියාව, තායිලන්තය,
බුරුමය වැනි රටවල මෙය ඉතා ප්‍රචලිත
පානයකි. වියළා ගත් නිල් කටරොළු මල්
මෙම රටවල වෙළඳ පොළවල් වල ඉතාම
සුලභව දැක ගත හැකි වේ.තවද මෙම නිල්
කටරොළු තේ භාවිතය තුළින් මොලයේ
ක්‍රියාකාරිත්වය වැඩි කිරීම, මානසික
සහනයක් ලබා දීම සහ කේශ කලාපයේ
වර්ධනය ද සිදු කෙරේ. මෙම තේ වර්ගය
තරුණ බව රැක ගැනීමට යොදා ගන්නා තේ
වර්ගයක් බවත් කිව යුතු වේ. කාලයත්
සමග සමේ ඇතිවන රැලි වැටීම් පාලනය
කොට වයසට වඩා තරුණ පෙනුමක්
ලබාගැනීමට මෙම ස්වාභාවික පානය
ඉවහල් වේ